May 05, 2024

අස්ගිරි මහ නාහිමිගේ 95 වැනි ජන්ම දිනය අදයි

මහ විහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක ධුරන්දර අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලගම ග්‍රාමයේ 1922.01.11 දින ජන්ම ලාභය ලද උන්වහන්සේ 1936 වසරේදී පැවිදි දිවියට එළඹ 1942 වර්ෂයේ අධිශීල උපසම්පදාව ලැබූහ.

දිගු කලක් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරමින් විශිෂ්ට ශාසනික, ආගමික හා සමාජ මෙහෙවරක නිරතවූ උන්වහන්සේ මහ නායක ධුරයට පත්වීමට පෙර වසර 16ක් අනුනායක ධුරය හෙබවූහ.

2015 වසරේ මැයි මස අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක ධුරයට පත් උන්වහන්සේ අද දින 95 වැනි ජන්ම දින සමරයි. 

Rate this item
(0 votes)