May 05, 2024

මහ ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

රේඛීය අමාත්‍යංශ මගින් පළාත් අමාත්‍යංශ වල ඇතැම් බලතල සීමා කිරීමට උත්සාහ දරන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.  

මේ හේතුවෙන් පළාත් සභා වලට මධ්‍යම ආණ්ඩුවෙන් සිදුවන මැදිහත්වීම වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් ලබාගැනීමට පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

පළාත් සභා සතු බලතල වලට මධ්‍යම රජයෙන් සිදුවන බලපෑම් නතර කිරීම සඳහා සියළු පළාත් සභා වල ප්‍රධාන අමාත්‍යවරුන් එක්ව නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇති බව පේෂල ජයරත්න මහතා පැවසීය.

 

Rate this item
(0 votes)