May 05, 2024

ශිවාජිලිංගම් කලුකොඩි විරෝධතාවකට සැරසෙයි

වත්මන් රජය උතුරේ ජනතාවගේ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කොට ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට පෙර  කළු කොඩි විරෝධතාවයක් පැවත්වීට පියවර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. ශීවාජිලිංගම් මහතා විසින් යාපනයේ මාධ්‍යවේදීන් පිරිසකට පවසා ඇත.

එහිදී සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ලබන 13 වැනි දා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිට මෙම කළු කොඩි විරෝධතාව පවත්වමින් රජයට විරෝධ පා සිටින බවයි.

මෙම විරෝධයට හේතුව වශයෙන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ  

ජනාධිපතිවරයා යාපනයට පැමිණෙන විටදී යාපනයේ ජනතාවට ගැටලු රැසක් ඇති බවටත් එහිදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ආරක්ෂක අංශ සතු ජනතාවගේ ඉඩම් නිදහස් නොකිරීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදීම, යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොපැවැත්වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවයි. 

-වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)