May 05, 2024

විග්නේෂ්වරන් මන්නාරම රදගුරු සමග රහස් සාකච්ඡාවක

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් සමග රහසිගත සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රියේ පවත්වා තිබේ.

මන්නාරම රදගුරු නිවසේදී පැවැතිඑම හමුවේදී දෙමළ මහජන කමිටුව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. 

මෙම සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යයට ද අවස්ථාව ලබාදී නොමැත. 

කෙසේ වෙතත්, සාකච්ඡාව නිම වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී  ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ අසනීප තත්ත්වයෙන් පසුවන රදගුරු හිමිපාණන්ගේ සුව දුක් විමසීම සඳහා තමන් පැමිණි බවයි.

නමුත් තමන් එම අවස්ථාවේදී නව දෙමළ ජනතා සභාව පිළිබදව ද රදගුරු හිමිපාණන්ට දැනුම් දුන් බව ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය. 

උතුරු පළාත් දෙමළ වැසියන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් සෙවීම සදහා දෙමළ මහජන කමිටුව ස්ථාපිත කෙරිණි. 

 

Rate this item
(0 votes)