May 05, 2024

මුදලාලිලා නිසා ක්‍රීඩකයන්ට තැනක් නෑ - අර්ජුණ කියයි

ක්‍රිකට් නිලවරණයට මුදලාලිලා ඉදිරිපත් වීම නිසා ක්‍රීඩකයන්ට නිලවරණයේදී නිසි තැන නොලැබෙන බවත් මේ නිසා මෙම ක්‍රමවේදය වෙනස්විය යුතු බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මෙවර පැවැති ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩකයන් ලෙස ඉදිරිපත්වූ තමා ඇතුළු කිහිපදෙනාට තරග කිරීමට සිදුවූයේ තිලංග සුමතිපාල මුදලාලි, මතිවානන් හා ජයන්ත ධර්මදාස යන මුදලාලිලා සමග බව හෙතෙම සදහන් කළේය.

නිලවරණයේ උප සභාපති තනතුරත් තමා පරාජයට වුවද, තමාට ජනතාවගේ මනාපය තිබෙන බවත්, එහෙත් සභාපති තනතුරට පත්වූ තිලංග සුමතිපාල මහතා ජනතා මනාපයෙන් පරාජයට පත්වූබවත් ඔහු පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)