May 04, 2024

වැඩි මිලට පොහොර විකිණූ 11 කට නඩු

හම්බන්තොට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) තිස්සමහාරාම පාන්නේගමුව ප්‍රදේශයේ වැඩි මිලට පොහොර අලෙවි කළ ස්ථානයක් වටලා එම වෙළෙඳසැල් හිමියාට නඩු පවරා තිබේ.

මෙම වෙළෙඳ සැලේ දී රුපියල් 1200 වටිනා පොහොර කිලෝ 50 මලු රුපියල් 3000 වැනි අධික මිලකට දිගින් දිගටම අලෙවි කරන බවට ගොවි ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම සිදු කර ඇත.

මේ අතර මේ මස තුළ දී පොහොර සහ කෘෂි රශායන අලෙවි සැළ තුළ සිදු කරන ලද විවිධ වැටලීම්වල දී වෙළෙඳ සැල් හිමියන් 11 දෙනෙකු හට නඩු පැවරීමට හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු යොදා තිබේ.

එමෙන්ම 2015 වසරේ දෙසැම්බර් මාසය තුළ පමණක් හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හම්බන්තොට සිදු කරන ලද විවිධ වැටලීම් 72 ක් පමණ සිදු කොට එයින් බොහෝ පිරිසකට නඩු පවරා තිබේ.

මෙවැනි විශේෂ මෙහෙයුම් වැඩබලන දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් පාරිභෝකික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Rate this item
(0 votes)