May 04, 2024

විධායක ජනපති ධූරය අත්හැරීමෙන් පසු කරන දේ ගැන මෛත්‍රී කියයි

තමාගේ ජීවිතයේ සතුටුම දවස 2014 නොවැම්බර් 21 වැනිදා බවත් ඒ තනතුරු බලය අතහැරි දවස බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්ති වර්ෂ පූර්ණය සැමරීමේ ජාතික උත්සවය අද (08) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ  විය.

මෙම උලෙළේ ප්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධිගේ මුණුපුරෙකු වන ගෝපාල්ක්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමීව ‘එකම දැයක්  - මහ බලයක්’ ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීමද සිදුවේ.

ජනපති පදවිප්‍රාප්ති වර්ෂ පුර්ණයේ නිළ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසී ය.

“හැමෝම මගෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඉදිරි පස්වසරෙන් පසුව විධායක ජනාධිපති ධූරය අත්හැරීමෙන් පසුව මගේ තත්වය කෙබදුද කියලා. මට අවශ්‍ය වන්නේ ඉදිරි පස්වසරක කාලයට පසුව මගේ තැන නොවෙයි රට තිබිය යුත්තේ කොතැනද කියලයි. මට මා පිළිබඳව න්‍යාය පත්‍රයක් නැහැ රට පිළිබඳ න්‍යාය පත්‍රයකුයි මට තිබෙන්නේ. නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවා, බුද්ධාගමට මුල් තැන දීම නවත්වනවා, විදේස් බලවේග වලට යටවෙනවා කියලා බොහෝ දෙනා කියනවා.

නමුත් මම කියනවා ඒ කිසි දෙයක් නොවෙයි. රටට අවශ්‍ය ඔබට නොපෙනෙන වෙනසයි අපි කරන්නට සුදානම් වෙන්නේ කියලයි. මම කියන්න කැමතියි. පසුගිය වසර රටට මැතිවරණ වසරක්. එක්සත් ජාතින්ගේ මහලේකම්ට මම ස්තුති වෙනවා. අපිට සුබපැතීම පිළිබදව අපේ රට ගොඩනගන්න අපිට තිබෙන බාධා හදුනාගත යුතුයි. අපිට කැප කිරිම් කරන්න සිදුවෙනවා. උතුරේ දකුණේ ආගමික ජාතිවාදී අන්තවාදය සුනුවිසුනු කළ යුතුයි. රටට ස්ථිරසාර සාමයක් ඇතිකරගැනීමට යුද්ධයට හේතුවු කරුණු අප සෙවිය යුතුයි. රට ගොඩනගන්නට සෑම කෙනෙකුට තිබෙන උවමනාව අපි එක ගොඩකට ගත යුතුයි.“

“රටේ ප්‍රධාන පක්ෂ එකතුවී කටයුතු කිරීම ඇතැමෙකුට විදවන්නේ නැතිකමක් තිබෙනවා. නමුත් ලෝකයේ බොහෝ දෙනාගේ සහයෝගය මේවනවිට අපිට තිබෙනවා. රට වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් ඒ සියලූ අභියෝග ආදරයෙන් වැළදගැනීමටත් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමටත් මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මම භායානකම අභියෝගය භාරගත්තේ 2014 නොවැම්බර් 21 දා. කවුරුහරි ඇහුවොත් මගේ ජීවිතයේ සතුටුම දවස කවද්ද කියලා. ඒ තමයි 2014 නොවැම්බර් 21 දා. තනතුරු බලය අතහැරි දවස.“ යැයි ජනාධිපතිවරයා පැවසී ය.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2016 08:56