May 04, 2024

යහපාලන රජයේ බරපතලම අඩුපාඩුවක් ගැන චම්පික හෙළිකරයි

වත්මන් රජය යටතේ ගත වූ කාලයේ දී රටේ යහපත් වෙනස්කම් රැසක් ඇති වී ඇතත්, නව නීති ගෙනැවිත් දූෂකයින්ට කඩිනමින් දඩුවම් කරනු ඇතැයි ජනතාවට තැබූ මහා අපේක්ෂාව කඩවී ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සහ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ දේ නොවීම පසුගිය කාලයේ සිදු වූ බරපතලම අඩුපාඩුවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව ද චම්පික රණවක මහතා පැවසී ය.

මෙම වසරේ දී රජයේ ප්‍රධානතම ඉලක්කයන් වී ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ආර්ථීක අභියෝග ජයගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාම යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව සෙනසුරාදා (09)  රැස්වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොව පවතින ව්‍යවස්ථාව අනුව එයට අවශ්‍ය සංශෝධන ගෙනඒම සඳහා තේරීම්කාරක සභාවක් පත්කිරීම වෙනුවෙන් බවද ඇමතිවරයා කීවේය.

 

Rate this item
(0 votes)