May 08, 2024

වකුගඩු ජාවාරමට කොළඹ රෝහල් 3 ක්‌ සම්බන්ධයි!

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුව ඇතැයි කියන මහා පරිමාණ වකුගඩු ජාවාරමට කොළඹ රෝහල් තුනක්‌ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

දෙරටේ මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ, නලගොන්ඩා දිස්‌ත්‍රික්‌කයේ පදිංචි 22 හැවිරිදි හෝටල් කළමනාකරණ සිසුවකු සමාජ වෙබ් අඩවි හරහා මෙම වකුගඩු ජාවාරම සිදුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොහු මේ වන විට 15 දෙනකුගේ වකුගඩු ලබාගෙන තිබේ. එසේ ලබාගත් වකුගඩුවක්‌ රුපියල් ලක්‍ෂ 27 කට අලෙවි කර ඇති අතර, වකුගඩුව ලබාදෙන තැනැත්තාට රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ ලබාදී ඇතැයි ද වාර්තා වේ.

ඉතිරි මුදල් වකුගඩු ජාවාරමට සම්බන්ධ අනිකුත් පුද්ගලයන්ට ලබාදී තිබෙන බවට ඉන්දීය පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

Rate this item
(0 votes)