May 08, 2024

ආසියානු ක්‍රිකට් සභාපති ධූරයත් තිලංගට

ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති තනතුරද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතාට හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඊයේ (07) ඩුබායි හි පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමකදී ඔහුට මෙම තනතුර හිමිවිය. 

මීට ඉහතදීද 1997-1998 කාල සීමාවේදී තිලංග සුමතිපාල මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කර තිබේ. 

 

Rate this item
(0 votes)