May 08, 2024

සිය කැමැත්තෙන් දැරියන් 1209 ක් දූෂණය වෙලා 

2015 වසරේ මුල් මාස 11 ක කාලය තුළ දී ස්ත්‍රී දූෂණ 1854 ක් සිදු වී තිබෙන අතර එලෙස දූෂණයට ලක් වූ 1501 ක් වයස අවුරුදු 16 ට අඩු දැරියන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වයස අවුරුදු 16 ට අඩු දැරියන් ස්ත්‍රී දූෂණයට ලක්වීම යටතේ සිද්ධීන් 1209 ක් සිදු ව තිබෙන්නේ අදාළ දැරියගේ කැමැත්ත මත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 16 ට අඩු සියලු දෙනා බාල වයස්කරුවන් ලෙස සලකන බැවින් ඇයගේ කැමත්ත මත ලිංගික ව එකතු වී තිබුණත් එය වරදක් බව ඔහු පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)