May 02, 2024

ඇමති සුසිල්ගේ අමාත්‍යාංශය බත්තරමුල්ලට 

අංක 408, කොල්ලුපිටිය ලිපිනයේ පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අද (07) දින සිට එම ස්ථානයෙන් ඉවත් කර බත්තරමුල්ල සෙත්සිරිපාය පළමු අදියරේ 03 වන මහළ තුළ ස්ථාපිත කර තිබේ. 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් සෙත්සිරිපාය 03 වන මහලේ ස්ථාපිත කරන ලද නව කාර්යාලයේ වැඩ කටයුතු අද සුභ මොහොතින් සෙත් පිරිත් මධ්‍යයේ ආරම්භ කර ඇත.

අමාත්‍යාංශය මගින් ලබාදෙන සේවාවන් සියල්ල අද සිට නව කාර්යාල ගොඩනැගිලේ සිට වඩාත් කාර්යක්ෂමව ලබාදීමට කටයුතු කෙරෙන අතර අද දින අමාත්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප‍්‍රධාන අංශ කිහිපයක් සෙත්සිරිපාය කාර්යාල පරිශ‍්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබී ය. 

ඉතිරි අංශ ද ඉදිරි සති කිහිපය තුළ නව කාර්යාල පරිශ‍්‍රයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත ය. 

 

Rate this item
(0 votes)