May 02, 2024

දරුවාගේ ගෙල කැපූ පියා තම ගෙල ද කපා ගනී (VIDEO)

බිරිඳ සමග ඇතිවු අමනාපයක් හේතුවෙන් තම තුන් හැවිරිදි දරුවාගේ ගෙල තියුණු ආයුධයකින් කපා තමන්ගේ ගෙල ද කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහකල පුද්ගලයකු පසුගිය අගහරුවාදා (05) මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබේ.

පිහි පහර ලැබූ කුඩා දරුවා ද අසාධ්‍ය තත්වයෙන් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

35 හැවිරිදි සැකකරු වෘත්තියෙන් පින්තාරු ශිල්පියෙකි. ඔහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා ද සමග ඇයගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ තිබේ.

පස්වරු 3ට පමණ එම නිවසට පැමිණි සැකකරු බිරිඳට යළි නිවසට පැමිණෙන ලෙසට කල ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවාගේ ගෙල කපා ඔහු ද ගෙල කපාගෙන ඇති බවට වාර්තා වේ. එය වැලැක්වීමට ගිය බිරිඳට ද සුලු තුවාල සිදුව තිබේ.

 

මහනුවර පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2016 14:05