May 02, 2024

FCIDය සීඑස්එන් නාලිකාවේ හදිසි පරීක්ෂාවකට යයි

සීඑස්එන් නාලිකා ආයතනයේ විද්‍යුත් තැපෑල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් කණ්ඩායම බත්තරමුල්ල පිහිටි එම කාර්යාල පරිශ්‍රයට ගොස් පරීක්ෂාව සිදු කළ බවත් ඒ සඳහා පරිගණක විශේෂඥයින් දෙදෙනෙකුද, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනෙකු හා පොලිස් පරිගණක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද එම පරීක්ෂාවට සහභාගී වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)