May 02, 2024

ඇඹිලිපිටියේ පොලීසියට එරෙහි උද්ඝෝෂණයක්

පොලිස් ප්‍රහාරයෙන් එක්දරු පියකු මියගිය බව කියමින් ඇඹිලිපිටිය නගරයේ අද (07) පොලීසියට එරෙහි විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමග නගරයේ කළු කොඩි ඔසවා කඩ වසා දමා තිබේ.

ඒ හේතුවෙන් නගරයේ වාහන තදබදයක් ද ඇති වී ඇත. ඔරලෝසු කණුව අසල දහසකට වැඩි පිරිසක් පොලීසියට විරෝධය පාමින් විරෝධතාවයේ නිරත වී ඇත.

පොලීසිය හෝ හමුදාව නගරයේ කිසිම ස්ථානයක නොමැති බවත් තැන තැන ටයර් පුළුස්සමින් විරෝධතා පුවරු ද ඔසවමින් උද්ඝෝෂකයෝ විරෝධතාවයේ නිරත වූ බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)