May 02, 2024

තාජුඩීන් ඝාතනයේ 'CCTV දර්ශන' පිටරට යැවීමට අවසර

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියේ CCTV  දර්ශන විදේශීය විශේෂඥයින් වෙත යොමු කිරීමට කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද(07) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ. 

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේ මෙලෙස විශේෂඥ සහය ලබාගන්නා විදේශීය ආයතනය සම්බන්ධයෙන් සතියක් ඇතුළත අධිකරණය දැනුවත් කරන ලෙසයි. 

මෙම මරණය ඝාතනයක් යැයි නියෝගයක් නිකුත් කිරීම අනෙකුත් වාර්තා ලැබීමෙන් පසු සිදුකරන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

නඩුව පෙබරවාරි 25 වැනිදාට නැවත කැඳවීමට නියමිතය.

 

Rate this item
(0 votes)