May 17, 2024

නෝර්වේ විදේශ ඇමති දිවයිනට

නෝර්වේ විදේශ අමාත්‍ය බෝජ් බ්‍රෙන්ඩ් (Borge Brende) මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ඇරයුමකට අනුව ඔහු අද (07) එක් දින නිල සංචාරයක නිරතවීම සඳහා එලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ද්විපාර්ශික සාකච්ජා පවත්වන අතර ඉන් පසුව පෙරවරු 11.40 ට අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍ය ඇමතීමට නියමිතයි.

අමාත්‍ය බෝජ් ‍බ්‍රෙන්ඩ් මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවීමට ද නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරයේ දී ආර්ථික හා සංවර්ධන සහයෝගිතාව කෙරෙහිත් ද්වීපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර වැඩිදියුණු කිරීම කෙරෙහිත් විශේෂයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යවරයෙක් අවසාන වරට ශ්‍රි ලංකාවේ සංචරයක නිරත වූයේ 2005 වර්ෂයේ දී ය.

ටී.කේ.ජි. කපිල

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2016 09:37