May 17, 2024

නිවසට විදුලිය ගන්න මූලික ගාස්තුවක් නෑ  

ජනාවරි 08 වැනි දා ජනාධිපති පදවි ප‍්‍රාප්තියට සමගාමී ව සුහුරු මනුව (ස්මාර්ට් මීටර්) හඳුන්වා දෙන බවත් ගෘහස්ත විදුලි සබඳතා මූලික ගාස්තුවකින් තොරව ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීමේ දී වැයවන මුදලින් 25% ක් පමණක් අය කර ඉතිරි 75% ප‍්‍රමාණය වසර 05 ක් කාලයක් තුළ සමාන වාරිකවලින්  මාසික බිල්පත් සමග අයකර ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන අමාත්‍යවරයා "ඒ වගේම මූලික ගාස්තු නැතිව ම ඕනෑම අයෙකුට තම නිවසට විදුලිය ලබාදෙන්නත් අපි මේ මස 08 වැනි දා සිට සූදානම්. එම ගාස්තුව වසර 05 ක් ඇතුළත වාරික 60 කින් අය කර ගැනීමට අපි සූදානම්" යනුවෙන් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)