May 17, 2024

'මුස්ලිම් අයව ඇඳුමෙන් කෑමෙන් වෙනස් කරගෙන යනවා' - බොදුබලයෙන් රතු එළියක් (AUDIO)

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ විල්පත්තු වන විනාශය සිදු වූ බවත් බැසිල් රාජපක්ෂ මහතා එය පිටුපස සිට ක්‍රියාත්මක වූ බවත් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඒ පිළිබඳ දන්වා ලිපි 5ක් පමණ යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර තමන් වසර 2ක පමණ සිට මෙරට සිටින අන්තවාදී කණ්ඩායම් ගැන හෙළි කළ බවත් ඒ කාරණය පිළිබඳ තම සංවිධානය පෙන්වා දුන් පසු අනවශ්‍ය කලබල ඇති කරන බවට චෝදනා කළ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ රටේ තිබෙන මද්‍රාසා පාසල්වල කුරානය පමණක් කියවන ලෙස උගන්වන බවත් මුස්ලිම් අයව ඇඳුමෙන් කෑමෙන් අනෙක් සමාජයෙන් වෙන් කරගෙන වෙනස් කරමින් යන බවත් මුස්ලිම් අය සිංහල අයත් සමග එකතු විය යුතු බවත් විතානගේ මහතා පැවසී ය.

එම හඩපටය පහතින්

Rate this item
(0 votes)