May 17, 2024

පකිස්ථානු අගමැති දළදා වඳී

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අද (06) දළදා මාළිගාව වැඳපුදා ගෙන තිබේ.

අද පෙරවරුවේ දළදා මාලිගාව වෙත පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන තිබේ. ඉන් අනතුරුව දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දළදා මාළිගා කෞතුකාගාරය නැරඹීමට ද ගොස් ඇත.

පසුව පකිස්ථාන ආධාර මත මෙරට ඉදිකර ඇති ජින්නා අනුස්මරණ ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍යවරයා එහි සමරු ඵලකයක් ද විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊයේ දිනයේ අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවති අතර ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත් විය.

 

 

Rate this item
(0 votes)