May 17, 2024

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

මෙම මස 09 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පත්කිරීමට අදාළව රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසාදයක් නොමැති බවත් ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමට තීරණය කළ බවත් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැස්වී මෙම තීරණයට එළැඹී බවත්, ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුව ඊට දක්වන ප්‍රතිචාරය වෙනස් විය හැකි බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Rate this item
(0 votes)