May 17, 2024

කානුවක ගිලී දරුවෙකු මියයයි

ජල පහරට හසුවීමෙන් ගල්නෑව සියබලෑව ප්‍රදේශයේ  අවුරුදු 2 යි මාස 7ක කුඩා දරුවෙකු මිය ගොස් තිබේ.

ඊයේ (05) පස්වරුවේ මෙම අනතුරුව සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි. 

නිවස අසල කානුවකින් ගලාගිය ජල පහරට හසුවු දරුවා ගල්නෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

දරුවාගේ නිවැසියන් විමසිල්ලෙන් පසුවුවානම් මෙම අනතුර සිදුනොවන්නට තිබු බව පොලිසීය ප්‍රකාශ කරයි. 

මෘත ශරිරය ගල්නෑව රෝහලේ තැන්තපත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්‍ෂණය අද (06) සිදු කිරිමට නියමිත අතර ගල්නෑව පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 11:31