May 17, 2024

ලලිත් - කූගන් ගැන මහින්දානන්ද දන්නවා - පෙරටුගාමී පක්ෂය (VIDEO)

ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තොරතුරු දැන සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

අලුත්ගමගේ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ඊයේ(05) පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් අනතුරුව නාගමුව මහතා මේ බව පැවසී ය.

2011 දෙසැම්බර් 10දින යාපනයේදී පැහැරගත් ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් දෙදෙනා ඝාතනයට ලක්වුවන් ලෙස පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ ජනවාරි 02වැනිදා සිරස රූපවාහිනියේ "සටන" වැඩසටහනේදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු එම පැහැරගැනීම සහ අතුරුදන් කිරීම පිලිබඳ තොරතුරු දැන සිටින බව පැහැදිලි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි. 

එබැවින් ඔහුගේ ප්‍රකාශය පිලිබඳ විමර්ශනයක් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාත් ලලිත් කුමාර් මහතාගේ පියාත් ඇතුළු පිරිසක් සහභාගී විය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 11:32