May 17, 2024

නිශාන්තගේ විශේෂ ප්‍ර‍කාශයට පක්ෂ - විපක්ෂ විරෝධය

හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (05) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීම ඇමතීමට ගත් උත්සාහයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට බාධා කළහ.

වර්ණසිංහ මහතාට සභාව ඇමතීම සඳහා ආණ්ඩු පක්ෂයෙන් කාලය ලබානොදීම නිසා සභාපතිවරයාගේ අවසරයෙන් තොරව වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඒ මහතා කතා කිරීමට ගත් උත්සාහයේදී මෙසේ බාධාකිරීම සිදුවිය.

මෙහිදි ඒ මහතා සිය කතාවේදී සඳහන් කළේ, කිසිදු චෝදනාවකට ලක්නොවී පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යන අතරතුර ප්‍රධාන අමාත්‍යවරයා බලහත්කාරයෙන් සිය තනතුර ලබාගත් බවයි.

 

Rate this item
(0 votes)