May 17, 2024

තිරිගු පිටි මිළ ඉහලට 

දේශීය තිරිගු පිටි සමාගම් දෙකක් විසින් ජනවාරි 01වැනිදා සිට තිරිගු පිටි කිලෝවක් රුපියල් දෙකකින් වැඩිකර තිබේ. 

ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන් 2% පිටි අලෙවි නියෝජිතයන්ගෙන් පිටි සමාගම් අයකරන අතර එම නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ගෙන්ද එම රුපියල් දෙකක මුදල අයකෙරේ. 

දැනට වෙළදපොලේ තිරිගු පිටි කිලෝ එකක උපරිම සිල්ලර මිළ රුපියල් අනුවක් වශයෙන් රජය මගින් පත්කර ඇති අතර, එම උපරිම සිල්ලර මිළට යටත්ව වැඩි වූ පිටි මිළ හමුවේ මෙතෙක් රුපියල් 87කට අලෙවි වූ තිරිගු පිටි කිලෝවක් රුපියල් 89ක් වශයෙන් වෙළදපොලේ සිල්ලර වෙළදුන් අලෙවි කරන බව වාර්තා වේ.

බේකරි හිමියන් පවසන්නේ වැඩි වූ රුපියල් දෙකක පිටි මිළ තමන්ගේ බේකරි නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)