May 17, 2024

ගාන්ධි මුණුබුරෙකු මෛත්‍රීගේ සැමරුම් උත්සවයට එයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉකුත් වසරේ ජනවාරි 8 වැනිදා පිහිටවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන් විශේෂ ජාතික සැමරුම් උත්සවයේ ප‍්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමීයෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන ගෝපාල් ක‍්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ලබන 08 වැනිදා පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය.

විශේෂ දේශනය පවත්වන ගෝපාල් ක‍්‍රිෂ්ණා මහතා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරියෙකුද වේ.

Rate this item
(0 votes)