May 17, 2024

යුද සමයේ පලාගිය පිරිසක් යළි පැමිණේ

යුද්ධය පැවති කාලසීමාවේදී  සරණාගතයින් ලෙස ඉන්දියාවට පලාගිය ලක්ෂයකට වැඩි පිරිසක් තවමත් ඉන්දියාවේ කඳවුරුවල ජීවත් වන බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය සදහන් කරයි.

නමුත් ඔවුන්ගෙන් ඇතැම් පිරිස් මේ වනවිට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බව එහි ලේකම් වී. සිවඥානසෝති මහතා ප්‍රකාශකර සිටී. 

යළි ශ‍්‍රී ලංකාවට පැමිණෙන එම පිරිස්වලට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය සමග එක්ව ආණ්ඩුව පහසුකම් සපයන බවද ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ ය. 

අදාළ පිරිස් ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ මුල් ගම්බිම්වලම නැවත පදිංචි කරවීමට කටයුතු කරන බව ද පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි . 

  

Rate this item
(0 votes)