May 19, 2024

ඉහළ ගිය පාස්පෝට් ගාස්තු මෙන්න

රුපියල් 7500 ක් ලෙස පැවති ගුවන් ගමන් ගාස්තුව ජනවාරි 01 සිට 10000 දක්වා ඉහළ නංවා තිබේ.

2016 අයවැයට අනුව ජනවාරි 01 වැනිදා සිට මෙසේ විදේශ ගමන් බලපත‍්‍ර ගාස්තු ඉහළ දමා ඇති අතර සාමාන්‍ය සේවය යටතේ රුපියල් 2500 ක ගාස්තු යටතේ නිකුත් කළ ගුවන්ගමන් බලපත‍්‍රය රුපියල් 3000ක් දක්වා වැඩි කිරීමත්, එමෙන්ම අවුරුදු 16ට අඩු ළමුන් සඳහා වසර 3ක් සඳහා රුපියල් 1500 ක් ගාස්තු යටතේ ලබා දුන් ගුවන්ගමන් බලපත‍්‍රය 2000 කින් ලෙස ගාස්තු වැඩි කිරීමටත් පියවර ගෙන ඇත.

මේ අතර දෙසැම්බර් මාසයේ අවසන් දින හතරේ දී පමණක් විදේශ ගමන් බලපත‍්‍ර දස දහසකට වැඩි ප‍්‍රමාණයක් නිකුත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 09:28