May 19, 2024

නව ව්‍යවස්ථා වෙනසකට මන්ත්‍රීහු 26 වැනිදා රැස්වෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 26 වැනි දා සිට ව්‍යවස්ථා සම්පාදක කාරක සභාවක් ලෙස රැස්වීමට නියමිතය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම සහභාගිත්වයෙන් යුතුව සෙංකෝලය තැන්පත් නොකර මෙම කාරක සභාව රැස්වීමට නියමිතය.

ඒ අනුව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව අගමැති, කථානායක, විපක්ෂ නායක යන තනතුරු මෙම ව්‍යවස්ථාපිත කමිටුව තුළ නිල බලයෙන් ප්‍රධානීන් බවට පත් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථා සම්පාදක කාරක සභාව පළමුවෙනි සතියේ සහ හතරවෙනි සතියේ රැස්වීමට නියමිතය. එම රැස්වීම් වාර මාධ්‍යයට විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටියි.

මේ අතර රජයේ අණපනත් හා ඉදිරි කාර්යයන් පිළිබඳ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් වෙනම පැවැත්වීමටද ආණ්ඩුව කටයුතු යොදා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම් වෙනමත්, ව්‍යවස්ථා සම්පාදක කාරක සභා රැස්වීම් වෙනමත් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

Rate this item
(0 votes)