May 19, 2024

වරාය නගරය ගැන තීරණාත්මක සාකච්ඡාවකට චීනෙන් එයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන 6 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. 

මේ සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයකු වන චීන වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කටයුතු දෙපාර්තමේන්තු උපදේශකයකු වන යැන්ග් වෙයිකුං ඇතුළු දූත පිරිසක් සහභාගි වීමට නියමිත බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම චීන දූත පිරිස හම්බන්තොට වරාය අවට යෝජිත ආයෝජන කලාපය සහ යෝජිත කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග අවසන් තීන්දු තීරණවලට එළැඹෙනු ඇතැයිද වාර්තා වේ.

Rate this item
(0 votes)