May 19, 2024

ධර්මදාස - මතිවානන් ක්‍රිකට් උප සභාපති ධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් උප සභාපති ධූරයන් සඳහාද  නිලධාරීන් තේරී පත්වී තිබේ.

ඒ අනුව ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වශයෙන් ඡන්ද 102ක් ලබා ගෙන තේරී පත් වී ඇත. 

එමෙන්ම අනෙක් උප සභාපති වශයෙන් ඡන්ද 90ක් ලබා ගනිමින් කේ. මතිවානන් මහතාද තේරී පත්වී ඇත.

එම ධූරය සඳහා තරඟ කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ලබාගැනීමට හැකි වුයේ ඡන්ද 80ක් පමණි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය සඳහා මොහාන් ද සිල්වා මහතා  තේරීපත්වී ඇති අතර උප ලේකම් ධූරය සඳහා රවීන් වික්‍රමරත්න මහතා තේරී පත්වී ඇත.

එ‍මෙන්ම ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලෙසද තේරී පත්වී ඇති බව වාර්තා වෙයි.  

Rate this item
(0 votes)