May 19, 2024

ජනපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙයි 

ජනාධිපති ආරක්ෂක අංශයේ  පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රීරෝද රථයක් දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේදී ‍ඊයේ (02) රාත්‍රී ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කල බව දඹුල්ල පොලිසිය පවසයි .

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු බව හදුනාගෙන ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය කරමින් සිට ඇත. ත්‍රීරෝද රථය හරස් මාර්ගයකින් පැමිණ ප්‍රධාන මාර්ගයට ඇතුලත් කරද්දී අනතුර සිදුව ඇති අතර ත්‍රීරෝද රථයට බරපතල හානි සිදුව ඇත‍. ඩිෆෙන්ඩර් රථය හා රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පැවසී ය.

කාංචන කුමාර ආරියදාස 

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 January 2016 09:57