May 19, 2024

'අතින් තට්ටු දමා සීගිරි චිත්‍ර රකින්න බෑ' - අකිල විරාජ්

සීගිරියේ ලෝක ප්‍රකට බිතු සිතුවම් පිහිටි ලෙනෙහි බදාම තට්ටුවක් ගැලවී වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දින (02) සීගිරිය වෙත ගියේය.

අමාත්‍යවරයා විසින් බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු පිළිබඳව අදාල බළධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ බදාම තට්ටුව දිරාපත්දැයි බලන්නේ අතින් තට්ටුකර බවයි.

අතින් තට්ටු දමා මෙවැනි ඉපැරණි සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කළ නොහැකි බවත් ඒ සඳහා අනිවාර්යයෙන් දෙස් විදෙස් විශේෂඥ දැනුම උපයොගී කර ගැනීම කළ යුතු බවත් අමාත්‍යවරයා එහි දී පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 January 2016 09:10