May 19, 2024

පාකිස්තාන අගමැති හෙට ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අගමැති මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. 

දෙදිනක් දිවයිනේ රැඳී සිටින නවාස් ෂරීෆ් මහතා එළැඹෙන 05 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත ය. එහි දී පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ හා සංස්කෘතික කරුණු ගැන දෙරටේ රාජ්‍ය නායකයින් කරුණු සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සිදු කරන පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී දෙරට අතර ගිවිසුම් 10 කට අත්සන් තැබීමට නියමිත ය.

 

Rate this item
(0 votes)