May 19, 2024

ඉකුත් වසරේ දී රිය අනතුරුවලින් 2763 ක් මියයයි 

ඉකුත් 2015 වසර තුළ මෙරට සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2763 දෙනෙකු මරණයට පත් ව ඇති බව පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කරයි. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක දී වාර්තා වූ වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාව මෙය බව හෙතෙම පෙන්වා දෙයි. 

ඒ අනුව එම වසරේ යතුරුපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1007 දෙනෙක් මරණයට පත් ව තිබේ.

දඹුල්ල - කැකිරාව මාර්ගයේ ඊයේ (02) කයිලපතාන ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගලක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. 

රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ - අංගම්මන හන්දියේ දී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරණයට පත් ව ඇත.

මන්නාරම - යාපනය මාර්ගයේ තනන්කලප්පුව ප්‍රදේශයේ  ද යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 28 හැවිරිදි තරුණයෙකු මරණයට පත් වූ අතර තංගල්ල ප්‍රදේශයේ ඊයේ (02) යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මීට අමතර ව ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ විදුලිබලාගාර හන්දිය අසල දී ලංගම බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 

එසේ ම වාරියපොල නගරයේ දී පුද්ගලයෙකු බස් රථයේ ඇද වැටීමෙන් ද 56 හැවිරිදි පුද්ගලයෙකු මරයට පත් ව ඇත.

 

Rate this item
(0 votes)