May 19, 2024

ආහාර වීෂ වී ඇගලුම් සේවිකාවන් 250 ක් රෝහලේ

අද (02) උදෑසන බලංගොඩ  ඇල්ලඅරාව ප්‍රදේශයේ පෞද්ගලික ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 250කට ආසන්න සංඛ්‍යාවක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

අදාළ කර්මාන්ත ශාලාවෙන්  ලබාදුන් උදෑසන ආහාරවේල අනුභවයෙන් අනතුරුව මෙකී පිරිස රෝගාතුර වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි. 

මේ වනවිටත් රෝගි ලක්ෂණ පෙන්නුම් කරන පිරිස් බලංගොඩ රෝහලට රැගෙන එමින් පවතින බව තවදුරටත් වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  බලංගොඩ පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 02 January 2016 10:43