May 20, 2024

2500 කින් වැටුප් වැඩි කිරිමේ පනත ඉදිරි සතියේ දී 

පෞද්ගලික අංශයට රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරිමට සහ අවම වැටුප රුපියල් 10,000 ක් බවට පත් කිරිමට අදාළ පනත් 02 ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින් කම්කරු අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

අදාළ පනත් දෙක මේ මස තුළදීම සම්මත කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)