May 19, 2024

තෙල් කාන්දුවීමක් වැළැක්වීමට නාවික හමුදාවේ සහාය

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක තෙල් කාන්දුවක් හේතුවෙන් ‍භූමිතෙල් ලීටර් 10,000 ක් පමණ කලපු ප්‍රදේශයට එක් ව ඇති අතර එම හේතුවෙන් කලපුව ආශ්‍රිත ව වෙසෙන ජීවින් මිය ගොස් තිබේ.

කෙසේ වුව ද මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේ දී ඉකුත් 31 වැනි දා සිදු වූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික හානිය අවම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට කටයුතු කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක් ව එය යථා තත්වයට පත්කිරීමට නාවික හමුදාවට හැකි වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 09:43