May 20, 2024

එන්රිකේ ප්‍ර‍සංගය: කොළඹ නගරාධිපති සංගාට - මහේලට සතියක්‌ කල්දෙයි

ප්‍රසිද්ධ පොප් ගායක එන්රිකේ ඉග්ලේෂියාස්‌ගේ සෙක්‌ස්‌ ඇන්ඩ් ලව් සංගීත ප්‍රසංගයේදී විනෝද බද්ද සඳහා අය විය යුතු රුපියල් දෙකෝටි අනූ එක්‌ ලක්‍ෂ විසිපන්දහක මුදල කොළඹ නගර සභාවට ගෙවීමට එම ප්‍රසංගය සංවිධානය කළ කුමාර් සංගක්‌කාර් සහ මහේල ජයවර්ධනට අයත් සමාගමට සතියක පමණ කාලයක්‌ ලබාදෙන බව කොළඹ නගරාධිපති එම්. මුසම්මිල් මහතා පවසයි.

මෙම ප්‍රසංගය සංවිධානය කළ ආයතනයේ ඉකුත් සති අන්තයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නීතිඥවරයකු තමා හමුවීමට එවූ බවත් එම සමාගමේ කළමනාකරුවෙක්‌ ඒ සඳහා පැමිණිය යුතු බව කියමින් තමා එම නීතිඥවරයා ආපසු හරවා යැවූ බවත් හෙතෙම පැවසීය.

මෙම ප්‍රසංගය සඳහා ඉතා වැඩි මිලට ටිකට්‌ අලෙවිකර මුදල් ඉපයූ බව කී කොළඹ නගරාධිපතිවරයා අදාළ සමාගමේ කළමනාකරුවෙකු කොළඹ නගර සභාවට ගෙවිය යුතු මුදල් පිළිබඳ තමා සමඟ ස්‌ථිර එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් සතියක්‌ ඇතුළත ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද පැවසී ය.

Rate this item
(0 votes)