May 20, 2024

මහින්ද තම හිසට අත තැබීම ගැන ඇමති විජයමුණි කතා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව වසරේ පළමු දිනයේම තමාගේ හිස අතගා ආශිර්වාද කිරීම සිතට විශාල සතුටක්‌ ගෙන දෙන්නක්‌ වූ බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

“නව වසර උදාවත් සමඟ අපි කතරගමට ගියේ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වෙනුවෙන් වසරක්‌ පාසා පැවැත්වුණු පිරිත් පිංකමට සහභාගි වෙන්න. ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේත් පූර්ණ ආශිර්වාදය ලැබෙනවා. මමත්, දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රීලනිප අපේ පක්‍ෂයේ විශාල පිරිසකුත් කිරි වෙහෙර වැඳපුදා ගනිමින් සිටින මොහොතේ තමයි හිටපු ජනාධිපතිතුමත් කිරිවෙහෙරට ආවේ. එතැනදී අපි අතට අත දී එකිනෙකාට සුබපැතුම් පිරිනැමුවා. ඊට පස්‌සේ කතරගම දේවාල භූමියේදී අපට නැවතත් හිටපු ජනාධිපතිතුමන් මුණගැසුණා. මම කලින් එතුමාට සුබපතලා තිබුණු නිසා නැවත අසලට යන්න උත්සාහ නොකළත් එතුමා මගේ හිස අත ගා මට ආශිර්වාද පිරිනැමුවා. ඇත්තටම ඒ අවස්‌ථාව මට ලොකු සතුටක්‌ එකතු කළා.“ යැයි ඇමතිවරයා පැවසී ය.

නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කතරගම දේවාලයේ ආගමික වතාවත්වල නිරත විය.

මේ අතර දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද දේවාලයට ගොස් සිටි අතර මහා ජනකාය අතරේ විජයමුණි මහතා දුටු හිටපු ජනපතිවරයා ඔහුගේ හිසට අත තියා නව වසරට සුබ පැතීය.

Rate this item
(0 votes)