May 20, 2024

ජනපති කොමිසම සතොස ගබඩාවකට සීල් තබයි (VIDEO)

බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුපියල් බිලියන 15ක් රජයට පාඩු කරමින් 2014 වසරේදී ගෙන්වූ සහල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 25,000න් කොටසක් ඊයේ (01) වේයන්ගොඩ සහ සේදවත්ත යන ප්‍රදේශවලින් සොයා ගෙන තිබේ. 

2014 වර්ෂයේදී මෙලෙස සහල් මෙටි‍්‍රක් ටොන් 50,000ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ පැවති කාලගුණ තත්ත්වය පදනම් කර ගනිමින් බව වාර්තා වේ. 

එහෙත් ඒ වෙනුවට ඉන්දියාවෙන් සහල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 25,000ක් ගෙන්වා ඇති බවට ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇත. 

මාස කිහිපයක් කොළඹ වරායේ ගබඩා කර තිබූ සහල් විවිධ ප්‍රදේශවල තිබූ ගබඩාවලට පසුව රැගෙන ගොස් ඇති අතර ඊයේ සොයා ගත් සහල් තොගය පරිභෝජනය කිරීමට නුසුදුසු බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 January 2016 09:10