May 19, 2024

2015 වසරේ වැඩිපුරම ෆේස්බුක් පැමිණිලි කාන්තාවන්ගෙන්

පසුගිය 2015 වර්ෂය තුළදී ෆේස්බුක් පැමිණිලි 2800 ක්‌ ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

මින් වැඩිපුරම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ කාන්තාවන් බවත්, එය සියයට හැටක්‌ බවත් දිවයිනේ සෑම පළාතකින්ම ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි. 

තමන්ගේ ඡායාරූප හා නම භාවිතා කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ලැබී ඇතැයි ද හෙතෙම පැවසුවේය.

ෆේස්බුක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇත්නම් ඒ ගැන 0112691692 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද ඒ මහතා ෆේස්බුක් ගිණුම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

Rate this item
(0 votes)