May 20, 2024

ගිනි තියන කතාවක් ගැන ඥනසාර හිමි කියයි 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට උත්සාහ දැරුවොත් එය ගිනි තබා විනාශ කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

හනුමා ගිනි තැබුවා සේ එය ගිනි තබන බවද උන්වහන්සේ පැවැසූහ.

ජනතා හඬට කන් නොදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්‌ථාව වෙනස්‌ කළහොත් ඔහුට අමුඩය නැතුව යන්න වෙන්නේ යෑයි උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

Rate this item
(0 votes)