May 20, 2024

හදිසි අනතුරු 20% කින් ඉහළට 

ගත වූ ඉකුත් 30 වැනි දා සහ 31 වැනි දා තුළ දී හදිසි අනතුරුවල ඉහළ යාමක් පවතින බව කොළඔ ජාතික රෝහල සඳහන් කරයි.

එහෙත් මෙවර ගිනි කෙළි අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව එහි ප්‍රධාන පුහුණු කිරිමේ හෙද නිළධාරිණි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය ප්‍රකාශ කරයි.  

30 වැනි දා සහ 31 වැනි දා යන දින දෙක තුළ දී හදිසි අනතුරුවලට ලක්වූවන් 551 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ.

පසුගිය වසරට සාපේක්ෂ ව මෙවර හදිසි අනතුරු 20% ක වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව පුහුණු කිරීමේ අංශයේ ප්‍රධාන හෙද නිළධාරිණිය සඳහන් කරයි. 

වාර්තා වූ අනතුරු සංඛ්‍යාවෙන් 135 ක් සටහන් වී ඇත්තේ මාර්ග අනතුරු ය. තවත් 80 ක් නිවෙසේ දී සිදු ව ඇති ඒ බව හඳුනා ගෙන තිබේ.  හිංසන ක්‍රියාද  47 ක් වාර්තා වූ බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)