May 20, 2024

හෙළ උරුමය ආණ්ඩු පක්ෂයෙන් ඉවතට? - මන්ත්‍රීවරු ස්වාධීන වෙයි

බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනා ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බව පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

තෙබුවන පියනන්ද හිමියෝ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙන්ම නිරෝෂා අතුකෝරළ මහත්මිය බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් මන්ත‍්‍රීධූර හොබවති.

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා සහ සභා කටයුතු අමාත්‍යාංශයේ පරාජයට පත්වූ වැය ශීර්ෂය කිසිඳු සංශෝධනයකින් තොරවීම සම්මත වීමෙන් පැහැදිලි වන්නේ තමා ඉදිරිපත් කළ වැය ශීර්ෂයේ වරදක් නොමැති බව යැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසී ය.

පෙර දින ඡන්ද විමසීමේදී එය පැරදවීම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව  මෙයින් හෙළිවන බවත් බස්නාහිර පළාත් හිටපු ඇමති සහ පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)