May 20, 2024

පාසල් සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටී මිය යයි (PHOTOS)

නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් අටිලිස් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ඊයේ (31) ප්‍රපාතයකට වැටී මියගොස් ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කරයි.

නෝර්ටන්බ්‍රිජ් අටිලිස් ප්‍රදේශයේම පදිංචි නෝර්ටන්බ්‍රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලයේ මෙවර කලා අංශයෙන් උසස් පෙළ විෂය හදැරීමට සුදානමින් සිටි ප්‍රදිප් මධුශංක නමැති අවුරුදු දහඅටක (18) පාසල් සිසුවෙක් මෙසේ මියගොස් ඇත. 

නව වසරට සෙත් පතා අටිලිස් ප්‍රදේශයේම පැවැති පිංකමකට සහභාගිවීම සඳහා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග යන අවස්ථාවේ නෝර්ටන්බ්‍රිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අටිලිස් ප්‍රදේශයේම ඊයේ (31) රාත්‍රි 07.00 ට පමණ මෙම පාසල් සිසුවා ප්‍රපාතයට  වැටී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කරයි.

මිතුරන් එක් වී ප්‍රපාතයට වැටු පාසල් සිසුවා ගොඩ ගෙන වටවල රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මියගිය පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිත ය. 

හැටන් - රංජිත් රාජපක‍ෂ 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 01 January 2016 14:27