May 19, 2024

මහින්දට දෙන්න හදපු පීකොක් මන්දිරය නිසා ඒ.එස්.පී ලියනගේ අල්ලස් කොමිසමට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා ලබන 04වැනි දා අල්ලස් හා කොමිසමට කැඳවා ඇත.

04 වැනිදා පෙරවරු 9.30ට ලිපිලේඛනද රැගෙන පැමිණෙන ලෙස වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්.ජී අබේසිංහ මහතා දන්වා තිබේ.

‘පීකොක් මන්දිරය‘ නමින් හඳුන්වන රාජගිරියේ ඔහුගේ නිවස පසුගිය මාර්තු මාසයේ දී හිටපු ජනපතිට දීමට ගිය අතර එහි මතුවූ ගැටළුකාරී තත්ත්වයක් නිසා නිවස නොදුන්නේය.

Rate this item
(0 votes)