May 19, 2024

දුම්වැටි මිල අද සිට ඉහළට - නව මිල ගණන් මෙන්න

අද (01) සිට සියලු දුම්වැටි වර්ගවල මිල ගණන් ඉහළ දමා තිබේ. 

මේ අනුව රු. 1.00 සහ රු. 2.00 බැගින් වන පරිදි එක් එක් සන්නාමයන්ගෙන් යුතු දුම්වැටි මිල ඉහළ දමා ඇත.

අද සිට බලපැවැත්වෙන නව මිල ගණන් මෙසේය.

ඩන්හිල් ස්විට්ච් රු. 40.00 (රු. 2 කින් ඉහළට)

ඩන්හිල් ලයිට් රු. 37.00 (රු. 2 කින් ඉහළට)

බෙන්සන් රු. 37 (රු. 2 කින් ඉහළට)

ගෝල්ඩ් ලීෆ් – රු. 35.00 (රු. 2 කින් ඉහළට)

බ්‍රිස්ටල් – රු. 22.00 (රු.2 කින් ඉහළට)

කැප්ස්ටන් රු – 11.00 (රු. 1 කින් ඉහළට)

ත්‍රීරෝස් රු. 11.00 (රු. 1 කින් ඉහළට)

ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනයෙන් 95%ක ප්‍රමාණයක් ගෝල්ඩ් ලීෆ්, බ්‍රිස්ටල් සහ කැප්ටන් යන සන්නාමයන්ට වෙන්වන බව ලංකා දුම්කොළ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 January 2016 12:04