May 19, 2024

පොලිතින් නීතිය අද සිට ක්‍රියාත්මකයි

තුනී පොලිතින් (මයික්‍රෝන 20 ට අඩු) පොලිතින් අද (01) සිට භාවිතය නිෂ්පාදනය හා අලෙවි කළ හොත් රුපියල් දසදහසකට නොවැඩි දඩයකට යටත් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

එසේම වසර දෙකකට නොවැඩි සිරදඬුවමක්‌ හෝ රුපියල් දහදහසකට නොවැඩි හා වසර දෙකකට නොවැඩි දඬුවම් ද්විත්වයකට යටත් විය හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ජාතික පාරිසරික පනතේ ඇති බලතල ප්‍රකාරව 1466/5 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් තුනී පොලිතින් අලෙවිය නිෂ්පාදනය භාවිතය අද (01) සිට තහනම් කර ඇත.

ඒ අනුව පොලිතින් දවටන, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් භාවිතය නිෂ්පාදනය අලෙවිය තහනම් වන බවද ලාල් මර්වින් ධර්මසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Rate this item
(0 votes)