May 19, 2024

ජනපතිට කළු පටියක්

December 31, 2015

කොළඹදී පැවැති ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන අරාධිතයා වු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් කළුපටි 9 වැනි ශ්‍රේණියේ ගෞරවනීය සහතිකයක් පිරිනමන ලදී.

මෙරට ජනතාවගේ මෙන්ම ක‍්‍රීඩාවේ යහපත් අභිවෘද්ධිය වෙනුවෙන් ජනපති මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ‘මතින් තොර රටක්’ යන වැඩසටහන වෙනුවෙන් දකුණු කොරියාවේ ලෝක ටයිකොන්ඩෝ සම්මේලන නිලධාරීන් මෙම තිළිණය ජනාධිපතිවරයාට පිළිගැන්වීය. 

මෙම අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද සහභාගිවුහ.

Rate this item
(0 votes)